මහා මාතංගී දේව මෑනියන්ගෙ ප්‍රසාදය ගැනීම සහ බුද්ධිය ඥාණය ලබා ගැනීමේ ක්‍රමයක්
ඇය වාග් ශක්තිය හිමි, සංගීත, කලා, විද්‍යා, බුද්ධි ශක්තියද සහිත, ආකර්ෂණය සහ වශී සඳහා ප්‍රචලිත වේ.
මාතංගි = අභ්‍යන්තර ප්‍රඥාව ප්‍රකාශ වන ශක්තිය
අමාවක, දිනය හෝ පූර්ණිමා දිනයක් තෝරා ගන්න. එමෙන් ම බ්‍රහ්ම මුහූර්තය ගන්න. අපහසු අයට සන්ධ්‍යා කාලය ගත හැකි ය.
අවම වශයෙන් දින 21ක් මෙක අඛණ්ඩව කළ යුතු අතර, දින 41 වඩා ප්‍රථිපල දායක වේ. නිල් පාට හෝ කොල පාට වස්ත්‍රයක් භාවිත කළ යුතු අතර, ශාරීරික පිරිසිදු බව වැදගත් වේ. නිල් හෝ සුදු මල් ගෙන, ශ්‍රී යන්ත්‍රය හෝ මාතංගි මෑනියන්ගෙ පින්තූරයක් තබා පූජාසනය සකස් කරගන්න. ඔබ කැමති ආහාර පූජාවක්, එනම් පළතුරු හෝ කිරිබත්, සකස් කරගන්න. පහන් දල්වන්න. සුවඳවත් කරන්න. පළමුව ගනපති දෙවියන් සිහි කර ස්තෝත්‍ර කියන්න
පළමුව දෑස් වසාගෙන මාතංගි මෑනියන් තමා ඉදිරියේ මවා ගනිමින්, පහත මන්ත්‍රය 108 වරක් කියන්න.
ඕම් අයිම් හ්‍රීං ශ්‍රීං ශ්‍යාමලායෛ නමඃ
මේ සඳහා දිනපතා එකම වෙලාවක් තෝරා ගැනීම ඉතා වැදගත් වේ.
මන්ත්‍රයේ පවතින ශක්තිය පිළිබඳව සාකච්ඡා කරනවා නම්,
ඓං = වාක් ශක්තිය
හ්‍රීං = ශක්ති බීජය
ශ්‍රීං = ශ්‍රී අභිවෘද්ධිය ලෙස දැක්විය හැකිය.
ගුරු දීක්ෂාව ලද අයෙක් සඳහා මෙය වඩා ප්‍රථිපල දායක වේ. එනම් ඉක්මන් ප්‍රථිපල ලැබේ.
බොහෝ අය පුලස්ති ගුරු කුලයේ අපෙන් අසන ප්‍රශ්නය නම්, ඔච්චර ශ්ලෝක ගොඩක්, ඔච්චර කරුණු ගොඩක් මතකයේ තියාගෙන ඉන්නෙ කොහොමද කියන එක..
අන්‍ය වූ රහසක් නැත. මහා මාතංගේෂ්වරිය පහදවා ගැනීමමයි රහස. මෙම ක්‍රමය සත්‍ය බව ක්‍රියාවෙන් ඔබට ඔප්පු කර පෙන්වා ඇත. ඉඳින් ඉගෙන ගන්නා ඔබ සැමගේ යහපත උදෙසා මෙය හෙළි කළෙමි.
සටහන
ගිහාන් මධුමන්ත
පුලස්ති ගුරු කුලය
The Path to Invoking Maha Matangi: Secret to Wisdom and Intellect
Note by: Gihan Madumantha (Pulasthi Guru Kulaya)
Goddess Maha Matangi represents the manifestation of inner wisdom. She is the presiding deity of speech (Vak Shakti), music, arts, sciences, and intellectual power. Furthermore, she is widely renowned for her powers of attraction and charisma.
Matangi = The energy through which inner wisdom is expressed.
Ritual Guidelines and Preparation
- Commencement: Choose a New Moon (Amavasya) or a Full Moon (Purnima) day to begin.
- Ideal Time: The Brahma Muhurta (early morning) is most effective. Those who find it difficult may choose the evening.
- Duration: This ritual must be performed continuously for at least 21 days; however, 41 days will yield the most profound results.
- Consistency: Selecting the exact same time every day for the practice is crucial.
- Attire & Purity: Wear blue or green clothing. Maintaining physical cleanliness is essential.
- Altar Setup: Prepare an altar with blue or white flowers. Place a Sri Yantra or a portrait of Goddess Matangi.
- Offerings: Prepare a food offering of your choice, such as fruits or milk rice. Light oil lamps and use incense to create a fragrant atmosphere.
The Practice
- First, invoke Lord Ganesha and recite Ganapati Stotras.
- Close your eyes, visualize Goddess Matangi standing before you, and recite the following mantra 108 times:
“Om Aim Hreem Shreem Shyamalayai Namah”
- Aim (ඓං): Power of Speech (Vak Shakti)
- Hreem (හ්‍රීං): The Shakti Seed (Shakti Beeja)
- Shreem (ශ්‍රීං): Prosperity and Abundance (Shri Abhivrudhi)

