vastu diya

සිරි නිවසකට, දොර තබන්නේ මෙහෙමයි / The Correct Way to Place Door

සිරි නිවසකට නිවැරදිව උළුවස්ස තබන ආකාරය

නිවසක් තැනීමේ දී එහි උළුවස්ස  තබන දිශා ගැන මනා අවබෝධයක් හා නියමිත වාස්තු ශිල්පීය ක්‍රම අනුගමනය කර උළුවහු පිහිටීම සිදුකළ යුතු ය.ඒ ඒ දිශාවලින් විවිධ භූතයන්ගෙන් ගුණ විවිධාකාරයෙන් නිවසකට ලැබේ..උතුරු දිශාවෙන් ආපෝ ශක්තියද, දකුණු දිසාවෙන්, පටවි ශක්තියද, නැගෙනහිර දිසාවෙන් තේජෝ ශක්තියද, බටහිර , දිසාවෙන් වායෝ ශක්තියද, නිවසකට ගලා ඒම සිදුවේ.

ප්‍රධාන වශයෙන් ඉදිරිපස හා පිටුපස දොර පිළිබඳ වැඩි අවධානයක් හා සැලකිල්ලත් දීම ගෙදරක දියුණුවට වඩා වැදගත් වන කාරණයකි.. පිටවන දොර ප්‍රධාන උළුවස්සට වඩා යම් ප්‍රමාණයකින් කුඩා විය යුතුය..නිසි ලෙස උළුවස්ස පිහිටීමෙන් එම නිවසේ ද නිවැසියන්ටද නිරෝගී බව හා තේජස යසස ගෙන ඒමේ හැකියාව ඇත එය වාස්තු ශිල්පියාගේ දැනුවත්භාවය මත සිදුවන්නකි. ඇතැම් අය  යම් ගමනකට පිටවීමේදී නිතරම පිටුපස උළුවස්ස භාවිතා කරන දකිනු ලැබේ නමුත් එය වැරදි ක්‍රියාවකි ශුභ ගමන් හා යම් කාර්යයන් සිද්ධ වීමට ඔබ ප්‍රධාන උළුවස්ම භාවිතා කළ යුතු බව මතක තබාගත යුතුය.බොහෝ විට දකින වැරැද්දක් තමා ප්‍රධාන උළුවස්සෙන් රෙදි ගෙනයාම මස් මාළු ගෙනයාම  නොකළ යුතු දෙයකි. ප්‍රධාන උළුවස්සට අයිති දේවතාවක් හෝ ශක්තිය ඉෂ්ට දේව බලය මෙමගින් දෝෂ සහගත ලෙස ඉවත්වී  නිවසේ ශක්තිය නැතිවෙ…අනිත් කාරණයන් දොර පිහිටවීමේදී
උතුරු දකුණ රේඛාවද නැගෙනහිර බටර් හිර රේඛාවද ඊසාන් නිරත රේඛාවද වයබ ගිණිකොන රේඛාවද කැපී නොයන ස්ථානයක උළුවස්ස තිබිය යුතුය..ඇතැම් ප්‍රධාන උළුවස්සේ යන්ත්‍ර සහ ආරක්ෂක තෙල් එල්ලා ඇත මෙය ඉතාම වැරදි  ක්‍රියාවක් වේ.
නිරිත කෝණය හා ගිනිකොණ කෝණයෙන් උළුවස්ස තබා පිටවීමේදී එම නිවසේ නිවැසියන් නිතර රෝගාතුර වීමකට පත්වේ.
විශේෂයෙන්ම බොහෝ ගෙවල්වල ගිනිකොන දෙසින් පිටවීමේ උළුවස් ඇති අතර ඒවගෙන් නිවැසියන් රෝගවලට හා පරිහානියට ලක්වේ
පෙර  සගරාවෙ  කලාප වලින් නිවසක පාද බෙදන ආකාරයත් නිවසේ ඉදිරිපිටත් තිබ් නොතිබිය යුතු දේවලුත් සාකච්ඡා කර ඇත ..මෙවර කලාපයෙන් උළුවස්ස තැබිය යුතු නිවැරදිසා ගැන හැඳින්වීමක් කරන්නෙමු.

ධාන්‍ය නිවස
නැගෙනහිර දිසාවට පමණක් දොරටු ඇත වෙළඳ ව්‍යාපාරක සඳහා සුදුසුය

නන්ද නිවස
නැගෙණහිරට  දකුණට  ඇත විශේෂයෙන් කාන්තා පක්ෂයට අශුභය අධික කේන්ති යන ගති උෂ්ණ රෝග යෙදේ

කාන්ත නිවස
නැගෙනහිර සහ බටහිරට උළුවස්ස යොදා ඇත බොහෝ දුරට  ශරීර සෞඛ්‍යයට යහපත්ව ඇති ආර්ථික වශයෙන් සාමාන්‍ය නිවසකි

මනෝරම්මේ නිවස
බටහිරට සහ දකුණට දොරටු වෙත ධනය දේපල හිමිවන ශුභ නිවසකි
සුමඛ නිවස
බටහිර නැගෙනහිර දකුණ දිසාවට දුරට පිහිටා ඇත ධනය ලැබීම් වලට නිරෝගී බවට යහපත් වේ.
රිපුද නිවස
උතුරු දකුණට දිසාවට දුරට ඇත රෝග පීඩා ඇති වන විපත්වල මුහුණ දෙන අසුභ නිවසකි
ධනද
නිවස උතුරු දකුණ නැගෙනහිර දොරටු ඇති අතර ධන දාන්න්‍ය සම්පත් ලැබෙන ශුභ නිවසකි
නාශ  නිවස
උතුරට සහ බටහිර දොරටු ඇත ධනය අහිමිවී යන සෙම බහුල රෝග නිතර ඇති අශුභ නිවසකි..
අක්‍රාන්ත නිවස
උතුර නැගෙනහිර බටහිර දුරට පිහිටා ඇත අයතා සබඳතා ඇතිවන නිසා ගැටුම් සහ ඇතිවන අශුභ නිවසක
විජය නිවස
උතුර දකුණ නැගෙනහිර බටහිර යන දිශා හතරටම දොරටුව ඇති අතර ඉතාම ශුභ රජ රාජ්‍ය මාධ්‍යවරුන්ට ශුභ නිවසකි

නිවසක වාස්තු ගැන සැලකීමේදී ඇතුළුවන පිටවන දොරටු තැබිම පිළිබඳ මනා අවබෝධයක් ඔබ නිවස ඉදිකිරීමට පෙර වාස්තු විද්‍යාඥයාගේ ලබාගත යුතුය

ලිපි සැකසුම
වාස්තුවේදී, ශාස්ත්‍ර ශූරී ආචාර්ය බිසුල් රන්දුනු

The Correct Way to Place Door Frames for an Auspicious Home

In the construction of a house, it is essential to have a profound understanding of the directions in which door frames are placed, ensuring that proper Vastu techniques are followed. A home receives various elemental energies (Bhuta) and qualities based on these directions. The North brings Apo (Water) energy, the South brings Patavi (Earth) energy, the East brings Tejo (Fire) energy, and the West brings Vayo (Air) energy into the living space.

The Significance of Main and Rear Doors

Primary attention must be given to the front and back doors for the prosperity of the household. The exit (rear) door should be slightly smaller than the main front door frame. Proper placement of the door frame can bring health, majesty, and fame to the residents, a task that depends entirely on the Vastu consultant’s expertise.

It is often observed that some people frequently use the back door when departing for a journey; however, this is an incorrect practice. To ensure the success of auspicious travels and tasks, one must always use the main entrance. Another common mistake is carrying laundry, meat, or fish through the main entrance. Such acts can cause the protective deities or the positive “Ishta Deva” energy associated with the main door to depart, draining the home’s spiritual strength.

Technical Alignment and Placement

When installing doors, the frame must be positioned so that it does not intersect with the major axis lines:

  • The North-South line
  • The East-West line
  • The NorthEast-SouthWest (Ishana-Niratha) line
  • The NorthWest-SouthEast (Vayamba-Gini) line

Furthermore, hanging “Yantras” or protective oils directly on the main door frame is a grave error. Placing doors in the South-West or South-East corners often leads to chronic illness among residents. Specifically, many houses have exit doors in the South-East, which is a primary cause of physical ailments and the general decline of the household.


Classification of Houses Based on Door Placement

Vastu Shastra classifies houses into several types based on the directions of their entrances:

  1. Dhanya House: Doors only in the East. Ideal for trade and business.
  2. Nanda House: Doors in the East and South. Generally inauspicious for women; leads to temperamental issues and heat-related illnesses.
  3. Kanta House: Doors in the East and West. Generally good for health; an average house in terms of economy.
  4. Manoramme House: Doors in the West and South. An auspicious house that brings wealth and property.
  5. Sumukha House: Doors in the West, East, and South. Excellent for gaining wealth and maintaining good health.
  6. Ripuda House: Doors in the North and South. An inauspicious house that brings disease, suffering, and disaster.
  7. Dhanada House: Doors in the North, South, and East. A very auspicious house that brings wealth and grain.
  8. Nasha House: Doors in the North and West. Inauspicious; leads to loss of wealth and frequent phlegm-related illnesses.
  9. Akranta House: Doors in the North, East, and West. Inauspicious; tends to lead to conflicts due to illicit relationships.
  10. Vijaya House: Doors in all four directions (North, South, East, West). Highly auspicious; suitable for high-ranking officials and leaders.

When considering the Vastu of a home, a thorough understanding of the entrance and exit placements must be obtained from a Vastu Vidya expert before construction begins.

Article Compiled by: Vastu Vidya Expert, Shastra Shuri, Dr. Bisul Randunu



Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Chat with Us