හින්දු ධර්මයේ ශීතලා මාතාව රෝගයන් සන්සුන් කරමින් සෞඛ්‍යය ලබාදෙන දේවියක් ලෙස සැලකේ. “ශීතලා” යන වචනයේ අර්ථය “සිසිල් කිරීම” යන්නයි. එනම් ශරීරයේත් මනසේත් උෂ්ණත්වය (තාපය) සන්සුන් කරන ශක්තියක් ලෙස ඇය සැලකේ.
ආගමික විශ්වාසයන් අනුව, ශීතලා මාතාව ආදි ශක්තියේ දයාබර ස්වරූපයක් ලෙස සැලකේ. ලෝකයේ රෝගයන් තම පාලනය යටතේ තබාගෙන, භක්තිකයන්ට සෞඛ්‍යය හා ශාන්තිය ලබාදෙන ස්වරූපයක් ලෙස හැඳින්වෙන අතර ඇගේ අතෙහි සාමාන්‍යයෙන් ඉලපතක් වැනි කොස්සක්, කලශයක් , පවන් ගසන අවානක්, සහ කොහොඹ කොළ ඇත. මේවා රෝග නාශනය සහ පවිත්‍රතාවය නිරූපණය කරන ලකුණු ලෙස සැලකේ. ඇගේ වාහනය බූරුවෙක් වන අතර බොහෝවිට ඇය පද්මයක මත වාඩි වී සිටින ලෙස නිරූපණය කරයි.
ශීතලා මාතාව ගැන පුරාණ ග්‍රන්ථ කිහිපයකම සඳහන් වේ. විශේෂයෙන්
ස්කන්ධ පුරාණය, භවිෂ්‍ය පුරාණය, , ශීතලා මහත්මය ආදී ග්‍රන්ථවල, ඇය පිළිබඳව තොරතුරු ඇතුළත් වේ.
නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අයෙක් වේ නම්, ඇය නිරන්තරයෙන් සිහි කිරීම ඉතා යහපත් වන්නේ ය.
ශිතලා දේවියගේ ගයාත්‍රී මන්ත්‍රය
ඕම් ශීතලායයි විද්මහේ
ශීතරූපායයි ධීමහි
තන්නෝ දේවි ප්‍රචෝදයාත්
විශේෂයෙන් කිව යුතු දෙය වන්නේ, දේව සංකල්පය දුටු පමණින් පහන් දල්වා පූජ කිරීමට යාම නොව, ලොව ඉගෙනීමට තවත් දේ ඇති බව ඉගෙනගැනීමයි. එමෙන් ම සියල්ල පුද පූජා කර ළගා කර ගත නොහැකි අතර දේවියගේ මෙවන් ස්වරූපවල පිහිට ලබා ගැනීමේ රහස් ක්‍රම ඇත.
සටහන
ගිහාන් මධුමන්ත
පුලස්ති ගුරුකුල
In Hinduism, Maa Shitala is revered as the deity who calms diseases and bestows good health. The word “Shitala” literally means “to cool,” signifying her power to soothe the heat (inflammation) of both the body and the mind.
Religious Significance and Iconography
According to religious beliefs, Maa Shitala is considered a compassionate manifestation of Adi Shakti. She is described as the form that keeps worldly ailments under her control while granting health and tranquility to her devotees.
Her traditional iconography includes several symbolic items:
- A Broom (Ilapatha): Symbolizing the sweeping away of disease and filth.
- A Kalasha (Pot): Representing the water of life and healing.
- A Fan (Avana): To provide cooling relief from fever.
- Neem Leaves: Known for their medicinal and purifying properties.
These symbols represent the eradication of illness and the restoration of purity. Her vehicle (Vahana) is a donkey, and she is frequently depicted seated upon a lotus.
Scriptural References
Information regarding Maa Shitala is found in several ancient scriptures, most notably:
- The Skanda Purana
- The Bhavishya Purana
- The Shitala Mahatmya
For those seeking healthy life and well-being, it is considered highly beneficial to constantly keep her in one’s thoughts.
The Shitala Devi Gayatri Mantra
Om Shitalayai Vidmahe
Shitarupayai Dhimahi
Tanno Devi Prachodayat
A Deeper Perspective
It is important to note that encountering a divine concept should not merely lead to lighting lamps and performing rituals. Instead, it should be an opportunity to realize that there is always more to learn about the world. Furthermore, not everything can be achieved through offerings alone; there are deeper, esoteric methods to seek the grace of such divine manifestations.
Note by: Gihan Madhumantha
Pulasthi Gurukulaya

