ශරීරගත වූ සර්ප විෂ නිසා පීඩා වූ අයෙක් අද දින, සුව වූ පසු මෑනියන්ට කෘත ගුණ දැක්වීම දුටු නිසා, ඔබටත් දිනක මෙය අවශ්‍ය වේ යැයි සිතා , රහස හෙළි කිරීමට සිතාගත්තෙමි.
“මයූරි මුඛී” යනු මාතාවගේ යෝගිනියන් අතරින් විශේෂ ශක්තිමත් දේව රූපයකි. මෙම යෝගිනීන් සම්බ්න්ධයෙන් ග්‍රන්ථ කිහිපයක සඳහන් වේ. ඒ අතර රුද්‍රයාමල තන්ත්‍රය, බ්‍රහ්මයාමල තන්ත්‍රය, කුලාර්නව තන්ත්‍රය සහ අග්නි පුරාණය ආදී ග්‍රන්ථන්වලින් තොරතුරු ලබා ගත හැකිය.
මෙම තන්ත්‍ර සම්ප්‍රදාය අනුව යෝගිනීන් යනු, දේවි ශක්තියේ විවිධ ක්‍රියාවන් පාලනය කරන්නා වූ ක්‍රියාශීලී මෙන් ම අතිශය බලවත් ස්වරූපවේ. ඒ අතර මයුර මුහුණින් පෙනෙන ශක්තිය විෂ නාශක ශක්තියක් හිමි යෝගිනියක් ලෙස සැලකේ.
මෙම යෝගිනී රහස් මම නිරන්තරයෙන් හෙලි කිරීම නොකළත්, විෂ සම්බන්ධයෙන් යම් සහනයක් අවශ්‍ය වූ විට , ඇය සිහි කිරීම සඳහා ඇති සරළම ආකාරය කියන්නම්. මන්ද හදිසියේ විෂ ශරීරයට ඇතුළු වූ විට, වෛද්‍යවරයකු වෙත යන තුරු රෝගියා ආරක්ෂා කිරීම සඳහා, විශ්ව මාතාවගේ උපකාර ලබා ගැනීමට, සිහි කිරීම කළ හැකි ය. ඔබ විශ්ව මාතාවට හිතවත් නම්, ඔබ තුළ ශාන්ත ගති පැවතුම් ඇත් නම්, යහපත් නම්, අනිවාර්යයෙන් මයූර මුඛී යෝගිනිය, ඔබට උපකාර කරනු ඇත. යම් අවස්ථාවක ගුරු කුලයේ දී, සිසුවෙකුට රාත්‍රී කාලයේ සර්ප ප්‍රහාරයකදී, මාතාව සිහි කර, උපකාර ඉල්ලු විට, සත්‍ය වශයෙන් ම සුව වූ බවට මෑත කාලයේ අද්දැකීම් ඇත. එනිසා මෙය ප්‍රත්‍යක්ෂය. එමෙන් ම සර්ප දෂ්ඨනයක දී, මෑත කාලයේ බඳවාගත් නවක කණ්ඩායමේ සිසුවියකගේ ද මෙසේ මෑනියන් සිහිකර ඉල්ලූ උපකාරය නිසා ඒ මොහොතේ ම ඇය සුව විය. ඇය සහ අවට සිටි අය ද ශාක්ෂි දරණු ඇත.
මහා ලලිතා මාතාව සිහිකර, ඉන් පසුව, මේ වාක්‍ය සිහි කරමින් උපකාර ඉල්ලන්න.
ඕම් හ්‍රීං මයූරී මුඛ්‍යෛ නමඃ
මෙම දේවියගේ ආධ්‍යාත්මික අර්ථය දෙස බැලීමෙ දී, මයූරි මුඛී රූපය තුළ සැඟවුණු තත්ත්ව කිහිපයක් ඇත. මයුර මුහුණ – විෂය නසන ශක්තිය පිළිබිඹු කරයි. එහිදී ශරීරගතවන විෂ මෙන් ම, මිනිසාගේ අභ්‍යන්තර සිත තුළ පවතින වෛරය, ඊර්ෂ්‍යාව , පළිගැනීම ආදී විෂ සිතුවිලි පවා ඇතුළත් වේ.
ඔබට නිරන්තරයෙන් ඉහත සඳහන් කළ වෛරී සිතුවිලි එනවා නම්, අනෙකා ගැන වෛරය, ඊර්ෂ්‍යාව එනවා නම්, වෙනත් නරක සිතුවිලි එනවා නම්, අනිවාර්යයෙන් ඉහත පාඨය සිහි කරමින්, මෙම මයූර මුඛී යෝගිනියගේ ශක්තිය , පිහිට ඉල්ලන්න.
ඔබට එයින් ඉතා ඉක්මනින් සහනයක් සහ මානසික සුවය ලැබෙනු ඇත. අනෙකාගේ දියුණුව දකින විට ඇතිවන ඊර්ෂ්‍යාව පවා පහ කර දැමීමේ යහපත් බලය ඇය සතු වේ.
මිනිසුන්ගේ පාපකාරී සිතුවිලි පහ කිරීම සඳහා මහෝපකාරී වන බැවින්, ඇයගේ ධ්‍යාන මන්ත්‍රයද ඔබට ලබා දෙමි. විෂ සිතුව්ලි සිතට ඒම වැළැක්වීම සඳහා මෙය නිරන්තරයෙන් සිහි කිරීම ප්‍රමාණවත් වේ.
මයූර වක්ත්‍රම් මහා ශක්තීම්
සර්ව විෂ විනාශිනීම්
භක්තානාම් අභයම් දාත්‍රීම්
මයූරීං ප්‍රණමාම්‍යහම්
ඔබටත් විෂ සිතුවිලි එන ඕනෑම විටක මේවා සිහි කර, එවන් ඊර්ෂ්‍යාව ආදී නරක සිතිවිලි ඈතට ගොස්, යහපත් සිතුවිලි ඇති කර ගැනීමට උපකාර ඉල්ලන්න.
ඕම් කාරයේ අනු නාදයට හේතු කාරක වෙමින්, චමත්කාරය දනවන විස්කම් ශක්තිය , කලා ආදියට ලැදි බවෙන් ද, ඇයගේ බොහෝ දක්ෂතා ඇත. අත්‍යවශ්‍ය නොවන බැවින් සටහන් නොකරමි.
පහන් දැල්වීම හෝ වෙනත් පූජා ක්‍රම හරහා මේ යෝගිනියන් පහදවා ගැනීම කළ නොහැකි බව සලකන්න. එමෙන් ම මේ පූජා ක්‍රම රහස්‍ය මාර්ගයන් බව මතක තබාගන්න. වංචාවන්වලට නොරැවටෙන්න.
මෙවන් කරුණු ශ්‍රී විද්‍යාව සහ ගුරුවරුන් සතුව පවතින බව දැනගන්න. ඔබ සහ මම වුවද දන්නේ දූවිලි අංශුවක් වැනි ස්වල්පයක් බවත්, මැරෙන තුරාවට අපට ඉගෙන ගැනීමට දේවල් ඇති බව මෙයින් දැනගන්න.
සටහන
ගිහාන් මධුමන්ත
පුලස්ති ගුරුකුලය
The Power of Mayuri Mukhi Yogini: The Destroyer of All Poisons
Mayuri Mukhi is a uniquely powerful manifestation among the Yoginis of the Divine Mother. References to these Yoginis are found in several sacred texts, including the Rudrayamala Tantra, Brahmayamala Tantra, Kularnava Tantra, and the Agni Purana.
According to the Tantric tradition, Yoginis are the active and immensely powerful forces that govern various functions of the Divine Shakti. Among them, the one with the face of a peacock (Mayuri Mukhi) is revered as the deity with the power to neutralize poisons.
Protection from Physical Poison
While these Yogini secrets are rarely revealed, I will share a simple way to invoke her during emergencies. In the event of an accidental poisoning or a snake bite, one can seek the help of the Universal Mother to protect the patient until medical help is reached. If you are devoted to the Divine Mother and possess a peaceful and righteous nature, Mayuri Mukhi Yogini will undoubtedly assist you. We have recent firsthand experiences at our Gurukulaya where students were miraculously healed after snake bites by seeking her protection.
In such an emergency, first remember the Great Mother Lalitha, and then seek help by reciting this verse:
“Om Hreem Mayuri Mukhyai Namah”
The Spiritual Significance: Neutralizing Inner Poison
The peacock face symbolizes the power to destroy poison—not just physical toxins, but also the “mental poisons” within the human heart, such as hatred, jealousy, and the urge for revenge.
If you find yourself constantly plagued by hateful thoughts, jealousy toward others’ success, or other negative emotions, seek the grace of Mayuri Mukhi Yogini by reciting the above verse. She possesses the benevolent power to clear the mind and bring immediate mental solace.
The Dhyana Mantra
To help purify the mind from sinful thoughts, I provide her Dhyana Mantra below. Reciting this regularly is sufficient to prevent toxic thoughts from entering the mind:
Mayura Vaktram Maha Shaktim Sarva Visha Vinashinim Bhaktanam Abhayam Datrim Mayurim Pranamamyaham
(I bow to Mayuri, who has the face of a peacock and possesses great power; the destroyer of all poisons, who grants fearlessness to her devotees.)
Important Warnings
Beyond her role as a healer, she is also associated with the resonance of the “Om” kara and possesses great mastery over arts and mystical wonders. However, please note:
- These Yoginis cannot be appeased through simple oil lamps or common rituals.
- The true methods of worship are secret and passed down through lineage; do not be deceived by fraudsters.
- These profound truths reside within Shree Vidya and the wisdom of the Gurus.
What we know is but a speck of dust in the vastness of this universe; there is much to learn until the very end of our lives.
Note by: Gihan Madhumantha Pulasti Gurukulaya

