අෂ්ට දිග්පාලකයන් යනු ලෝක පාලක දෙවිවරුන්ය. මොවුන් සියලු දෙනා දේවේන්ද්රයාගේ (ඉන්ද්‍ර දෙවියන්ගේ) අනසක් යටතේ පාලනය වේ.
අෂ්ට දිග්පාලක දෙවිවරු:
- ඉන්ද්‍ර: නැගෙනහිර දිශාව (දෙවියන්ගේ රජු).
- අග්නි: ගිනිකොණ දිශාව (ගින්නට අධිපති).
- යම: දකුණු දිශාව (මරණය හා ධර්ම විනිශ්චය කරන්නා).
- නිරිත (නිරිති): නිරිත දිශාව (විනාශය හා අශුභ බලවේග පාලනය).
- වරුණ: බටහිර දිශාව (ජලය හා නීතියට අධිපති).
- වායුව (වායු): වයඹ දිශාව (වාතය හා ජීව ශක්තියට අධිපති).
- කුවේර: උතුරු දිශාව (සම්පත් හා යක්ෂයන්ට අධිපති).
- ඊශාන: ඊශාන දිශාව (ආධ්‍යාත්මික ශක්තියට අධිපති).
මෙම අෂ්ට දිග්පාලකයන්ට පිරිවර හතර බැගින් සිටින අතර, සෑම පාලකයෙකුටම පුත්‍රයන් දහසක් බැගින් සිටී. ඔවුන් සියලු දෙනා තම රජුගේ නාමයෙන්ම “ඉන්ද්‍ර” යනුවෙන් හඳුන්වනු ලබයි.
සතර වරම් දෙවිවරු
අෂ්ට දිග්පාලකයන්ට වගකීමෙන් යුතුව, ඉන්ද්‍ර දෙවියන් විසින් ලෝක පාලනය සඳහා පත් කරන ලද දේව තලයට පහළින් සිටින මහා බලගතු සේනාධිපතිවරු සිව්දෙනෙකි.
- ධෘතරාෂ්ට්‍ර: (නැගෙනහිර දිශාව) – ගාන්ධර්වයන්ගේ අධිපති වේ. සංගීතයට හා ආරක්ෂාවට සම්බන්ධය. මොවුන්ගේ ආකර්ෂණය ලබන්නන් කවි සහ සංගීතයට දස්කම් දක්වයි.
- විරූඪ: (දකුණු දිශාව) – කුම්භාණ්ඩයන්ගේ අධිපති වේ. බලය හා ශක්තිය නියෝජනය කරයි. මොවුන්ගේ ග්‍රහණයට හසුවන්නන් දැඩි කායික ශක්තියකින් යුක්ත වේ.
- විරූපාක්ෂ: (බටහිර දිශාව) – නාගයන්ගේ අධිපති වේ. ගුප්ත බලයන් හා ජලය සමඟ සම්බන්ධය. මොවුන්ගේ ආකර්ෂණය ලබන්නන් ගුප්ත විද්‍යාවන්ට සහ වෙදකමට දක්ෂ වේ.
- වෛශ්‍රවණ (වෙසමුණි): (උතුරු දිශාව) – යක්ෂයන්ගේ අධිපති වේ. සම්පත් හා ආරක්ෂාවට සම්බන්ධය. මොවුන්ගේ බලපෑමට ලක්වන්නන් රන් ආභරණ පැළඳීමට කැමති වන අතර සැර පරුෂ ගති පෙන්විය හැකිය.
මෙම සතර වරම් දෙවිවරුන්ට ද “ඉන්ද්‍ර” නාමයෙන් යුත් පුත්‍රයන් සිටින අතර, ඔවුන් ලෝක පාලනයට දායක වේ. මෙම පිරිවර මානවයන්ට ආකර්ෂණය වන අතරම නොයෙක් රෝග පීඩා ඇති කිරීමට ද සමත් වේ. භූත, ප්‍රේත, කුම්භාණ්ඩ හා පිසාචයන් මෙම දිග්පාලකයන්ගේ සේවකයන් ලෙස කටයුතු කරමින් අෂ්ට දිශාවන්ට හා මිනිස් සිරුරුවලට බලපෑම් ඇති කරයි.
අෂ්ට බහිරවයන් සහ තන්ත්ර ශාස්ත්‍රය
අෂ්ට දිග්පාලකයන්ට අමතරව අතල, විතල හා පාතාල ලෝක පාලනය සඳහා ශිව දෙවියන්ගේ වරමින් අෂ්ට බහිරවයන් පෘථිවිය හා මිනිසුන් කෙරෙහි සිය බලපෑම පතුරවයි. ඔවුන් මනුෂ්‍යයන්ට ලෙඩ රෝග හා දිෂ්ටි හෙළන බව දත යුතුය.
මොවුන්ගේ උපකාර ලබා ගැනීමට සහ ඔවුන් යටත් කර ගැනීමට දේශීය පූජා විධි හා තන්ත්ර ශාස්ත්‍රය භාවිතා කළ හැකිය. ඒ අතර දිග්බන්ධන තන්ත්රය ඉතා බලගතු වේ.
- දිග්බන්ධන මන්ත්‍රය: හ්රීම් ක්ලීම් දිග් බන්ධනාය පට් (දකුණු අතින් වෛශීකරණය කරනු).
- අෂ්ට බහිරව වශීකරණ මන්ත්‍රය: ඕම් නමඃ ශිවාය හ්රීම් ක්ලීම් දිග් බන්ධනාය හුම්.
මෙම තන්ත්ර ක්‍රම මඟින් පාතාලයේ සහ මතුපිට ලෝකයේ සම්පත් හා බලය ලබා ගැනීමට තන්ත්රිකයන් කටයුතු කරයි.
ශාස්ත්‍ර ශූරී
ආචාර්ය බිසුල් රන්දුනු
පුලස්ති ගුරුකුලය

