lakshmi mata puja

මහා ලක්ෂ්මී දේවිය / Goddess Lakshmi: The Dispeller of Sorrow and Poverty

දුක්ඛිත දරිද්‍රතාවය දුරු කරන මහා ලක්ෂ්මී දේවිය

​මහා ලක්ෂ්මී දේවිය යනු ධනය, වාසනාව, බලය, සුඛෝපභෝගීත්වය, අලංකාරය සහ සශ්‍රීකත්වය ලබාදෙන දිව්‍ය මාතාවයි. ඇය ලෞකික සම්පත් සම්පූර්ණ කිරීමේ සහ තෘප්තිමත් කිරීමේ පොරොන්දුව දරයි. ආශීර්වාද කිරීමට සහ දානයට සූදානම්ව දෑත් ඔසවා සිටින ඇයගේ බැල්ම යමෙකුට ලැබේ නම්, ඔහු යසසින් සහ කීර්තියෙන් බබළයි. කේන්ද්‍ර සටහනක ‘ලක්ෂ්මී යෝගය’ පිහිටා ඇති අය නිතැතින්ම සැප සම්පත් භුක්ති විඳින්නේ එබැවිනි.

​ලක්ෂ්මී දේවිය වඩාත් ප්‍රසන්න වන්නේ කරුණාව, මෛත්‍රිය සහ පරාර්ථකාමීත්වය යන ගුණාංගවලටයි. එබැවින් ඇය උදෙසා පුද පූජා පවත්වන අය තුළ ද එම උතුම් ගුණාංග පිහිටිය යුතුය.

🌼 ලක්ෂ්මී පූජාව 🌼

නිවසක පවතින අඳුරු බව, අමනුෂ්‍ය දෝෂ, බාධා, රෝග පීඩා සහ දරිද්‍රතාවය දුරු කර ගැනීම සඳහා ලක්ෂ්මී දේවියගේ පිහිට පතනු ලැබේ.

පූජාවට සූදානම් වීම:

පළමුව ඔබ සිත පිරිසිදු කරගත යුතුය. පූජාව සඳහා පලතුරු, කැවිලි, වස්ත්‍ර, කිරි, මීකිරි, හාල්පිටි රොටී, උක් හකුරු, සූකිරි සහ ආභරණ පූජා ද්‍රව්‍ය ලෙස පිළියෙළ කරන්න. නා පිරිසිදු වී, බෙලි ගසක් යට හෝ නිවසේ පිරිසිදු ස්ථානයක ආසනයක් පනවා, ගණ දෙවියන් සහ ලක්ෂ්මී දේව ප්‍රතිමාව තබන්න. එහිදී ‘කුම්භයක්’ (පිරිපුන් කළයක්) නිර්මාණය කර අසලින් තැබීම ඉතා වැදගත් වේ.

කවච සහ යන්ත්‍ර නිර්මාණය:

හැකි අය භූමියේ කවච නිර්මාණය කරන්න. රෝස පැනින් මිශ්‍ර කළ සින්දූර්වලින් කවච අඳින්න. නිසි ලෙස බලගැන්වූ ‘ශ්‍රී චක්‍රයක්’ ඇත්නම් එය මධ්‍යයේ තබන්න. එමගින් ඔබේ මාන්ත්‍රික සහ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය වේ. සාමාන්‍යයෙන් ලක්ෂ්මී කවචය ප්‍රමාණවත් වුවද, එහි ශක්තිය වැඩි කිරීමට මහා කාලී කවචය ද ඇඳිය හැකිය. යම් හෙයකින් භූමි පාළු හෝ මුසල බන්ධන ඇත්නම්, වාරාහී කවචය නිර්මාණය කළ යුතුය. වාරාහී දේවිය යනු ලක්ෂ්මී දේවියගේ සහ විෂ්ණු දෙවියන්ගේ ශක්තිය දරන උග්‍ර ස්වරූපයයි. ඇය සියලු බාධා විනාශ කර දමයි.

පූජා ක්‍රමය:

පළමුව ගණ දෙවියන්ට ද, දෙවනුව විෂ්ණු දෙවියන්ට ද ආරාධනා කළ යුතුය. පංචෝපචාර පූජා පවත්වා මූල මන්ත්‍ර ගායනා කරන්න. ගණ දෙවි සහ විෂ්ණු දෙවි ආරාධනාවකින් තොරව ලක්ෂ්මී ආකර්ෂණය සිදු නොවේ.

  • ලක්ෂ්මී මූල මන්ත්‍රය (108 වරක්): ඕම් හ්‍රීම් ශ්‍රීම් මහා ලක්ෂ්මියෛ නමහ්
  • ලක්ෂ්මී ගායත්‍රිය (7 වරක්): මහා ලක්ෂ්මීච විද්මහේ විෂ්ණු පත්නීච දී මහී තන්නෝ ලක්ෂ්මී ප්‍රචෝදයාත්

​මෙම පූජාවේ නියම ප්‍රතිඵල ලැබීමට නම් සිල්වත් හා ගුණවත් විය යුතුය. අනුන්ට වෛර කරන, ඊර්ෂ්‍යා කරන අයට දේව ආකර්ෂණය නොලැබෙන බව සිහි තබා ගන්න.

බිසුල් රන්දුනු

පුලස්ති ගුරුකුලය

සදාශිවම් ආශ්‍රමය

🌼 Goddess Lakshmi: The Dispeller of Sorrow and Poverty 🌼

​Goddess Lakshmi is the divine embodiment of wealth, fortune, power, luxury, beauty, and fertility. She holds the promise of material fulfillment and spiritual contentment. Those who receive her grace are blessed with fame and prosperity; this is evident in Vedic Astrology through the ‘Lakshmi Yoga,’ which brings lifelong abundance.

​The Goddess resonates with compassion, kindness, and selflessness. Therefore, anyone seeking her blessings through rituals must cultivate these virtues within themselves.

🌼 The Lakshmi Puja 🌼

The Lakshmi Puja is performed to eliminate darkness, negative energies (Amanushya Dosha), obstacles, illnesses, and poverty from the home.

Preparation:

Begin with a pure mind. Prepare offerings such as fruits, sweets, new clothes, milk, curd, rice-flour rotis, jaggery, sugar candy, and ornaments. After purifying yourself, set up an altar under a Beli tree or in a clean space at home. Place the statues of Lord Ganesha and Goddess Lakshmi together. Creating and placing a ‘Kumbha’ (sacred pot) is essential.

Yantras and Kavachas:

For advanced practitioners, drawing sacred Kavachas on the ground using Sindoor mixed with rose water is recommended. Placing a consecrated ‘Shri Chakra’ at the center enhances spiritual energy. While the Lakshmi Kavacha is standard, integrating the Maha Kali Kavacha increases its potency. If the land is cursed or bound by negative spells, the Varahi Kavacha is used to destroy those forces instantly.

The Ritual:

One must first invoke Lord Ganesha and then Lord Vishnu. Without their invocation, Goddess Lakshmi does not manifest. Perform the Panchopachara rituals and chant the mantras with deep focus.

  • Lakshmi Moola Mantra (108 times): Om Hreem Shreem Maha Lakshmiyai Namah
  • Lakshmi Gayatri (7 times): Maha Lakshmi cha Vidmahe, Vishnu Patni cha Dhimahi, Tanno Lakshmi Prachodayat

​To truly experience the divine results, one must lead a virtuous life. Those filled with hatred, jealousy, or ill intentions toward others will not receive the divine attraction or protection of the Goddess.

Bisul Randunu

Pulasti Gurukulaya

Sadashivam Ashramaya

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Chat with Us