khaka-mukha-yogini

කාක මුඛ යොගිනිය / Kaka Mukhi Yogini

මහා මාතාවගේ විශ්වීය කාර්‍යන් සිදු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් යෝගිනියන් 64ක් සිටිති. ඉන් එහාට ලිඛිත මූලාශ්‍ර විශාල ප්‍රමාණයක් නැත්ත්, ලක්ෂ සංඛ්‍යාත යෝගිනියන් සිටිති. කෙසේ නමුත්, ප්‍රධාන හැට හතරට අයත් නොවන, මෙන් ම අප්‍රකට වුවත්, ග්‍රාමීයව පවතින ඇතැම් යෝගිනියන්ගේ කෝවිල් අදටත් ඉන්දියාවේ පවතී. එම කෝවිල්වලට අදාළ යෝගීයන්ගේ පූජා විධි මෙන් ම, යෝගිනී රහස් දන්නේ එම ගුරු පරම්පරාවන් සහ ශ්‍රී විද්‍යා මාර්ගයේ යන විට, මහා දේවිය විසින් හෙළි කරන කරුණු දන්නා ශ්‍රී විද්‍යා උපාසකයන් පමණි. ඔබට එම රහස් වලින් බිඳක් , තාන්‍ත්‍රික විෂයට හානි නොවන අයුරින් හා ප්‍රයෝජනයක් ගත හැකි අයුරින් ගෙනහැර දැක්වීමට සිතුවෙමි.

ඉන්දියාවේ,ඔරිසා ප්‍රාන්තයේ පිහිටි චෞසති යෝගිනී කෝවිල තුළ (හිරාපූර් වට ආකාර යෝගිනී කෝවිල) කාක මුඛ යෝගිනිය සම්බන්ධ ශාක්ෂි ඔබට අදටත් දැකගත හැකිය.

කාකයාට හෙවත් කපුටාට සාමාන්‍යයෙන් අතීතය, වර්තමානය සහ අනාගතය යන කාල ත්‍රයම අවබෝධ කරගැනීමේ ශක්තියක් තිබෙන බව කියැවෙයි. ඒ නිසාම තාන්‍ත්‍රික වන්දනා ක්‍රමවල කාකයාට විශේෂ ස්ථානයක් ඇත. මෙම කාක මුඛි දෙවියන්, කාලයේ රහස් තමා තුළ තබාගෙන සිටින දේවී ස්වරූපයකි.

ඇය එක් අතකින් කපාලයක් (හිස් කබලක්)ත්, අනෙක් අතෙන් කඩුවක්ත් දරා, මහත් ගම්භීරත්වයකින් සිටිති. ඇගේ බැල්ම ඉතා කෲර මෙන් ම ගැඹුරු බව ඉගැන්වෙයි. අපගේ සිත තුළ සඟවා ඇති රහස් වුවද ඇයට පහසුවෙන් හඳුනාගත හැකි බව විශ්වාස කෙරේ.

කාකභූෂුණ්ඩ නම් මහා යෝගීවරයා කාක රූපයක් ධාරණය කරගෙන යුග ගණනාවක් දැක ඇති බව පුරාණ කතා සඳහන් කරයි. එම කාකභූෂුණ්ඩගේ ඥානයත්, මහා ශක්තියේ මාතෘ ස්වරූපයත් එක්වූ රූපයක් ලෙසම “කාක මුඛි” දේවිය සැලකේ. මෙම යෝගී වරයාගේ ස්වාභාවය තවත් සරළව කියනවා නම්, බ්‍රහ්මාණ්ඩතලවල ආරම්භක හා අවසානයන් පැහැදිලිව දක්නා ලද අයෙක් ලෙස සඳහන් කළ හැකිය.

කාකයා දිනපතා තම ආහාරය සොයා නිදහසේ ජීවත් වන පක්ෂියෙකි. ඒ වගේම මෙම දේවියද නිදහස, ස්වාධීනත්වය අපේක්ෂා කරයි.

දැන් ඔබට කියන්නේ, ඉතා වැදගත් තොරතුරකි.ඇය කාලය හා අවකාශය දෙස බලා සිටිනවා මෙන් ම, ඇයගෙන් මිනිසාට ආශිර්වාදය ගත හැකි අවස්ථාවක් ඇත.එනම් යමෙකුට පීතෲ දෝශය නාශනය කර ගැනීමට අවශ්‍ය නම්, මෙම යෝගිනියගෙන් උපකාර ලබා ගත හැකි වේ. එනම් තවත් සරළව කියනවා නම්, යම් ආත්මයක පියා විසින් කළ ශාපයක් හෝ දෝශයක් නිසා අදටත් පියාගේ කාර්‍යන් නිසා දුක් පීඩා විඳින අයට තාන්‍ත්‍රික පූජා ක්‍රම ඔස්සේ කාක මුඛී යෝගිනියගේ උපකාර ගත හැකිය.

යෝගිනී විද්‍යාව හසුරවන්නට ගුරු පරම්පරාවෙන් උගන්වන රහස් පිළිවෙතක් ඇත. එනම් යෝගිනී ශක්තිය ආවාහනය කිරීමට නම්, රහස් බීජ අක්ෂර විද්‍යාව උගත යුතුය. උදාහරණයක් ලෙස එකක් උගන්වන්නම්, තාන්ත්‍රිකයෙකු අනිවාර්යයෙන් පළමුව හෘදය පාරිශුද්ධිය පිළිබඳව උගත යුතු ය. ඒ සඳහා අත් පොත් තබන විට දී, “ශ්‍රීං” කාරය හෙවත් එම අක්ෂරයේ ශක්තිය මඟින් පවිත්‍ර විමේ සිට, භුවනේෂ්වරී දේවිය සහ ත්‍රිපුර සුන්දරී මාතාව පහදවා ගැනීම උගන්වනු ලැබේ.

මේ ආකාරයට පළමුවෙන් බීජ අක්ෂරයේ සිට, අක්ෂරයේ මන්ත්‍රයට අදාළ කාර්‍ය කරගන්නා ආකාරය දක්වා පළමුව උගත යුතු ය. අහිතකර ශක්තිය විනාශ කර දැමීමේ අක්ෂරය (අක්ෂරය හෙලි කිරීමට අවසර නොමැති නිසා නොලියමි) ඉගෙනගෙන, එය හරහා කාර්‍ය සඵළ කරගන්නට ඉගෙනගැනීම දක්වා උගත යුතු ය. මෙයින් එහාට විස්තර කිරීම තාන්‍ත්‍රික දැනුමේ අතිශය රහස් හෙළි වීමක් බැවින්, සටහන මෙයින් අවසන් කරමි. 

හෙට සිට ඇයගේ රූප තබා වන්දනා කිරීම හෝ රැවටිලිකාරයන්ට හසු නොවන්න. ඇය වන්දනා කිරීමෙන් කිසිදු ඵලක් නැත. තාන්‍ත්‍රික ක්‍රමයට ශක්තිය ආවාහනය කර, ඉෂ්ඨ ඵලය ඉල්ලා සිටීමෙන් පමණක් මෙය කළ හැකි වේ. ඒ සඳහා යෝගිනී රහස් දන්නා පළපුරුද්ද ඇතිව කළ යුතු ය. යෝගිනියන් ආවාහනය සරළ නොවන අතර, යෝගිනියන් අවනත වන්නේ විශ්ව මාතාවගේ සේනාවට පමණි. එනිසා පළමුව මහා මාතාවගේ ආශිර්වාදය ලැබීම අත්‍යවශ්‍ය වේ. එනිසා තාන්‍ත්‍රික යෝගිනියන් සම්බන්ධ කටයුතු නිකරුණේ අත් හදා බැලීම අනිටු විපාක අත් විය හැකිය. එනිසා සාධනා සහ තාන්‍ත්‍රික කටයුතු කර බැලීමට යාමේදී සැලකිලිමත් වන්න.

සටහන

ගිහාන් මධුමන්ත 

පුලස්ති ගුරුකුලය

The Mysteries of the Yoginis and the Wisdom of Kaka Mukhi

There are 64 primary Yoginis who manifest to carry out the universal functions of the Divine Mother. Beyond these, while written records are scarce, there exist hundreds of thousands of Yoginis. Even today, temples of certain obscure and rural Yoginis—who fall outside the primary sixty-four—can still be found across India. The secret rituals and sacred mysteries of these Yoginis are known only to specific lineage-holding Gurus and dedicated practitioners of the Shree Vidya path who receive direct revelations from the Great Goddess. I wish to share a fragment of these secrets with you in a way that provides utility without violating the sanctity of Tantric science.

The Kaka Mukhi Yogini

In the Chausathi Yogini Temple (the circular Hirapur temple) in Odisha, India, evidence of the Kaka Mukhi (Crow-faced) Yogini can still be seen today.

It is said that the crow possesses the unique power to perceive the “Tri-Kala”—the past, present, and future. For this reason, the crow holds a significant place in Tantric worship. Kaka Mukhi Devi is a manifestation of the Goddess who holds the secrets of time within herself.

She is depicted with great solemnity, holding a Kapala (skull cup) in one hand and a sword in the other. Her gaze is taught to be both fierce and piercingly deep. It is believed that she can effortlessly see the secrets hidden within the human mind.

The Connection to Maha Yogi Kakabhushunda

Ancient legends speak of the Great Yogi Kakabhushunda, who assumed the form of a crow and witnessed the passage of countless epochs. Devi Kaka Mukhi is considered a synthesis of the wisdom of Kakabhushunda and the maternal power of the Maha Shakti. To put it simply, this Yogi is one who has clearly witnessed the very beginnings and endings of various universes (Brahmanda).

Just as a crow lives freely, seeking its daily sustenance, this Goddess embodies freedom and independence.

Blessing: Remedying Pitru Dosha

I will now share a vital piece of information: while she gazes across time and space, there is a specific instance where humans can seek her blessing. If one needs to neutralize Pitru Dosha (ancestral karmic debts or afflictions), they can seek the assistance of this Yogini. In simpler terms, those suffering today due to curses or karmic burdens passed down from a father’s lineage can find relief through Kaka Mukhi Yogini via specific Tantric rituals.

The Path of Initiation

The secrets taught by the Guru lineages for wielding Yogini Vidya involve the mastery of secret Beeja Akshara (seed syllables). For example, a Tantric practitioner must first master the purification of the heart. During the initial stages of learning, practitioners are taught to purify themselves using the power of the syllable “Shreem,” eventually moving toward pleasing Devi Bhuvaneshwari and Maha Tripura Sundari.

One must first learn the Beeja Akshara and then progress to understanding how to execute specific tasks associated with the mantra of that syllable. This journey continues until one learns the syllable used to destroy negative energies (which I shall not name here without permission). Explaining further would reveal the deepest secrets of Tantric knowledge; therefore, I conclude this note here.

A Warning to Seekers

Do not be misled by fraudsters or attempt to worship her simply by placing a picture starting tomorrow. Such worship alone will yield no results. Success is only possible by invoking the energy through the Tantric method and requesting the desired outcome. This must be done with the experience of one who knows the Yogini secrets.

Invoking Yoginis is not a simple task; they submit only to the “Army of the Universal Mother.” Therefore, obtaining the blessing of the Great Mother is essential. Attempting to experiment with Tantric Yoginis without proper guidance can lead to dire consequences. Be extremely cautious before attempting Sadhanas or Tantric activities.

Note by: Gihan Madhumantha Pulasti Gurukulaya

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Chat with Us